Journey of Devotion & Inclusion: Dambadiwa Buddha Pilgrimage at Isipathana Migadaya in India

#Travelling and pilgrimage are more than just physical journeys—they are paths to inner peace, wisdom, and enlightenment. For persons with #disabilities, these experiences hold profound meaning, offering an opportunity to connect deeply with their spiritual roots while also #advocating for a world that is more #inclusive and #accessible.

#Damrivi Foundation organised  a Dambadiwa Buddha Pilgrimage to the revered sites of India, ensuring that devotees, regardless of their abilities, can partake in this sacred and transformative experience. This journey is designed with accessibility in mind, allowing everyone to embrace the teachings of the Lord Buddha without barriers.

Discover the Serenity of #Isipathanarama #Migadaya in Varanasi One of the holiest sites for Buddhists, Isipathanarama Migadaya is where Gautama Buddha delivered his first sermon, setting in motion the Wheel of Dhamma. Surrounded by ancient stupas and monasteries, this peaceful sanctuary continues to inspire millions of pilgrims who seek spiritual awakening and historical connection.


බුද්ධකාලීන දඹදිව සොළොස් මහා ජනපදයන්ගෙන් කාසී ජනපදයේ අගනුවර බරණැස වූ අතර, එය  වර්තමාන ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට අයත් ය.

වරුණ සහ අසි යන ගංගා දෙක එක්වන ස්ථානයේ මෙම නගරය පිහිටා ඇත. එම නිසා  වාරාණසි යන නම  සෑදි ඇත. වර්තමානයේ මෙම නගරය වරණාසි යනුවෙන් හැඳින්වේ

හය වන සියවසේදී බුදුරජාණන් වහන්සේ මෙම බරණැස ඉසිපතනාරාමය මුල් කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. 

බුදුරදුන්ගේ මංගල ධර්ම දේශනාව වූ  ධම්මචක්කප්පවත්තන සුත්‍රය  බරණැස ඉසිපතන නම් වූ මිගදායෙහි දී ඇසළ පුර පසළොස්වක පොහොය දිනෙක පස්වග භික්ෂූන් වහන්සේ  අමතා පවත්වා ඇති බව අපි දනිමු. ඒ මෙම ස්ථානයයි. ඒ ධර්මය දෙව්, බඹ සේනා ද ශ්‍රවණය කොට ඇත. බුදුසරණ ගිය පස්වග මහණුන් රහත්භාවය ලද්දේද මේ ස්ථානයේදීමය. ඒ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද අනන්ත ලක්ඛණ සූත්‍රය ශ්‍රවණය කිරීමෙනි.

බරණැස ඉසිපතනාරාමය වසර 3500කට අධික  පැරණි ඉතිහාසයක් තිබෙන නගරයකි.

බුදුන් වහන්සේගේ පළමු වස්කාලය ගෙවුණේ ද මෙම ඉසිපතන පුණ්‍ය භූමියේය. 

එම කාල සීමාවේදී ඉසිපතනට පැමිණි යසකුල පුත්‍රයා බුද්ධ දේශනා ශ්‍රවණය කර ශාසනයට ඇතුළු වී උතුම් වූ අරහත්භාවය ලබා ගෙන ඇත. ඉන්පසු යසකුල පුත්‍රයාගේ මිතුරන් වූ විමල, සුබාහු, පුණ්ණජී, ගවන්පති යන හතරදෙනා බුද්ධ ශාසනයට ඇතුළුව උතුම් වූ අරහත්භාවය ලබා ගත්තෝය. ඊටත් පසු එම යහළුවන්ගේ යහළුවන් පනස්දෙනා ශාසනයට ඇතුළුව බුද්ධ දේශනා ශ්‍රවණය කර උතුම් වූ අරහත් භාවයට පත්වූහ.

බුදුන් වහන්සේගේ පළමු වස් සමය අවසන් වීමට පෙර බුදු සසුනට රහතන් වහන්සේලා හැට නමක් එකතු වූහ.බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේලා හැටනම අමතා ලෝකවාසී සියලු දෙනාගේ හිතසුව පිණිස ධර්ම දානය බෙදාලන්නැයි වදාළ සේක.මේ ආකාරයට තුන්ලෝකවාසී සත්වයා අරභයා ධර්මය ප්‍රචාරය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත්වූයේ පළමු දම්දෙසුම පැවැත් වූ ඉසිපතන මිගදායයි. 

මෙම ස්ථානය ලොව පහළවන සියලුම බුදුවරු ප්‍රථම ධර්ම දේශනය පවත්වන ස්ථානය වන්නේය. ඒ නිසාම මෙය අවිඡතිතට්ඨාන යන නමින් හඳුන්වයි.

මේ ආකාර වූ වටිනාකමක් ඇති බෞද්ධයෙකු දැක සැදැහැසිතින් වැඳ පුදාගත යුතු ප්‍රධාන ස්ථාන හතරෙන් එකක් වන ඉසිපතනාරාමය, බරණැස් නගරයේ සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් පිහිටා තිබෙන්නේය.

මේ පුණ්‍ය භූමියට ඉසිපතන යන නම තැබීම පිළිබඳව අතීතයේ සිටම පැවත එන ජනප්‍රවාදයන් කීපයකි.

එනම්, හිමාලයේ සිට මෙහි පැමිණෙන සෘෂිවරුන් බිමට බසින ස්ථානයත් ආ කාරණයන් ඉටුකරගෙන නැවත අහසට නගින ස්ථානයත් මෙය වූ හෙයින් සෘෂිවරුන් පතනය වන භූමිය යන අර්ථයෙන් ඉසිපතන යන නම සෑදී ඇති බව පැවසේ.

මෙම ඉසිපතන නාමය සමගම මිගදාය යන්නත් එකතු වී ඇත. මිගදාය යනුවෙන් මෙම ස්ථානය හැඳින්වීමට හේතු වී ඇත්තේ බ්‍රහ්මදත්ත රජු විසින් නිග්‍රෝධ නම් මුව රජුගේ ගතිගුණ දැක පුදුමයට පත්ව ඔහුත් සමග සිටි මුව රැළටම අභයදානය දී ඇත්තේ මෙම ස්ථානයේදී වීමය. මේ නිසා මුවන්ට අභයදානය දුන් ස්ථානය යන අර්ථ සහිතව මෙය මිගදාය ලෙස අර්ථ දක්වා තිබේ.

මේ ආකාර වූ ඓතිහාසික වටිනාකමක් සහිත ඉසිපතන මිගදාය වසර ගණනාවකට පසු සශ්‍රීකත්වයට පත්කර ඇත්තේ අශෝක රජතුමාය. ඔහු විසින් බුද්ධ චරිතය හා බැඳුණු ඒ භූමියෙහි පිහිටි විශේෂ ස්ථාන අලංකාර ආරාම ලෙසින් නිමවා පූජා කටයුතු කර තිබේ

අද ඉසිපතන පූජා භූමියට ඇතුළුවෙනවාත් සමගම දක්නට ලැබෙන්නේ ඒ ආරාම සංකීර්ණයේ නටබුන්ය.

 මෙම ස්ථානයේ පවතින තවත් විශේෂයක්  වන්නේ ධම්මරාජික ස්ථූපයයි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන් අරභයා පළමුවෙන්ම දම්සක්පැවතුම පැවැත්වූ ස්ථානයෙහි නිමවා ඇත්තේය. මෙම ස්ථානයෙහිදී එම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කළ කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වූවේය. එසේම පළමු සංඝයා වහන්සේලා පිරිස ශාසනයට එක් වූයේද මෙහිදීය. මීට අමතරව ලොව පතළ වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ පළමු දම් දෙසුම පවත්වා ඇත්තේද මෙම ස්ථානයේදීය. ඒ නිසාම පුජනීයත්වයට පත් වූ පින්බිමේ ධර්මාශෝක රජු විසින් ධර්මරාජික නම් ස්ථූපයක් කරවා ඇත්තේය. අද මෙහි පාදම පමණක් දක්නට ලැබෙන්නේය.

මීළඟට දක්නට ලැබෙන්නේ ධම්මික ස්ථූපයයි. එය බුදු සසුනේ පළමු රහත් පස්නම බිහි වූ ස්ථානය වන්නේය. එනම් බුදුසරණ ගිය පස්වග තවුසන් අනන්තලක්ඛණ සූත්‍ර දේශනාව අසා රහත් භාවයට පත්වූයේ මේ ස්ථානයේදීය. අශෝක රජු විසින් මෙහි ධම්මික ස්ථූපය සාදවා ඇති අතර එහි උස අඩි 110 ක් පමණ වෙයි. හිංදු ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස ධම්මික ස්ථූපයේ මුල් හැඩය වෙනස් වී ඇති බව පැවසෙයි.

එසේම බුදු සසුනේ ප්‍රථම උපාසකයා වූ යසකුල පුත්‍රයාගේ පියාත් ප්‍රථම උපාසිකාව වූ යසකුල පුත්‍රයාගේ බිරිඳ හා මවත් තෙරුවන් සරණ ගිය ස්ථානයද මෙම ස්ථානය බව සඳහන් වෙයි.

ඊට පසු කාලවල විවිධ ආක්‍රමණකාරී සිදුවීම් නිසා මේ ස්ථානය කඩා වැටීම් වලට ලක්වී ඇත. ඉන් පසු විවිධ ආගමිකයන්ගේ සතුරු ප්‍රහාර වලට ලක්වූ මේ පින්බිම දෙවැනි වරට යළි ගොඩ නැගෙන්නේ අනගාරික ධර්මපාලතුමාගේ මැදිහත්වීමෙන් පසුයි.

ඓතිහාසික වැදගත්කම් රාශියක් සහිත මෙම පුජා භූමිය අවට  පැරණි මිගදාය සිහිගන්වන මුව වනය, පොළොව යට ඇති සක්මන් මළුව, ධම්මචක්ක ජින විහාරය, සාරානාත් අශෝක කුලුන, සාරානාත් කෞතුකාගාරය, නව මූලගන්ධකුටි විහාරය, අනගාරික ධර්මපාලතුමා විසින් අප රටෙහි සිට වැඩම කරවා රෝපණය කරන ලද ජයශ්‍රීමා බෝසමිඳුගේ ශාඛාව, අනගාරික ධර්මපාලතුමා සිරිදේවමිත්ත ධර්මපාල ලෙස පැවිදි ජීවිතයක් ගත කර අපවත් වූ පසු ඒ වෙනුවෙන් සාදන ලද ස්මාරකය ආදිය ද දැක ගත හැකිය.

Manique stands in a white outfit with a black backpack, near ancient brick ruins and colorful potted plants.

Ancient brick ruins with circular structures, surrounded by greenery and trees, with people observing from a platform.Ancient brick ruins with circular structures, surrounded by greenery and trees, with people observing from a platform.

Manique with long black hair, in a white blouse, stands by ancient brick ruins, holding a phone and keys.

Group of people in white near a large stupa, surrounded by greenery and ancient brick structures, under an overcast sky.

Ancient brick and stone stupas in a courtyard, surrounded by walls and grass, at a historical site.


#Manique Gunaratne

#Cisco Computer Network Associate (#CCNA) Instructor qualified from Cisco


Comments